03 December, 2012

සිහින හිමි හංසයා (කවි)

ප්‍රේමයේ මායාවේ
නුඹයි මා දුටු සිහින හිමි හංසයා
අරුණ තෙපලන මොහොතේ
පිනි දියෙන් සැදු සිහින හිමි හංසයා

ගීතයක තනු හැඩවෙයි
ඒ නුඹම යැයි,නුඹේ හඩයැයි මට ඇසෙයි
පද වැලක කවි ලියවෙයි
ඒ නුඹෙන් විදි රසය යැයි මට හැගවෙයි

නෙත් පියා විදි සුවය යලි යලී ලං වෙයි
සිත් පුරා නුඹ තැවරිලා සිත මත් වෙයි
පෙම්වත් කතාවක් අසන්නට නෙත් ඇහැරෙයි
අරුණ සමගින් බොදව ගිය නුඹ සිහිනයක් බව සිහිවෙයි

නිරෝෂනී පීරිස් 2012.12.03

No comments:

Post a Comment