ලතවෙනා සිත දරා ගන්නට
එලිය දෙන සඳ නොමැති බව දැන
කනා මැදිරි එළි නෙත් රවටනවා
විසල් අහස යට මා කුහුබුවෙකුය
අවිගත් සේනා ලුහුබැද එනවා
කිරිගරුඩින් තැනු මගේම ප්‍රේමය
සේනාවන් වෙත පාර කියනවා
ඉතිරිව කිසිවක් නැති බව දැන දැන
අපේ මතකයේ සිනහ යදිනවා
නුඹ සිටියානම් මා නෙතු අද්දර
ලොවම දිනන්නට සටන් වදිනවා
No comments:
Post a Comment