සෙනෙහසේ තනි තරුව නුඹ
ආ පයින් නොයා ලතවන
මා ළගින් රැදී,නොරැදෙන
රැදි රැදී යළිත් ලතවන
කවිකමත් නුඹත් එකලෙස
මගේම වී හදෙහි උපදින
ලං වෙලා සිමින් දුර යන
මා නොදත් සෙනෙහෙ මට දෙන
මුදු වදන් රළුව තෙපලන
කල්පයක් සෙනෙහෙ උපදන
පෙම්වතෙක් නොවෙයි නුඹ මට
සක්වලෙහි රජුය හැම දින
නිරෝෂනී පීරිස් 2012.12.30
කවියක් ලියන්න මචං
ඉස්පාසුවක් නැ මචං
රටට වගේම මචං
ආර්ථිකේ බිංදුවයි මචං
තේ එකක් බොන්න මචං
පිටි සීනි ගාන ඇහුවම මචං
මගෙ සීනි නැග්ගා මචං
අල ළුණු ගාන මචං
ජීවිතේම අල කරා මචං
ලව් කරන්න බැ මචං
හොරෙක් වෙන්න වෙනව මචං
කෙල්ලො කොල්ලො පව් මචං
උන්ට හෙටක් නැ මචං
බුමිතෙල් ගානවත් මචං
අඩුවට තිබ්බනම් මචං
අම්මා පා මචං
ගිනි තියා ගන්නවා මචං
පොඩි කාලේ කාපු පරිප්පු මචං
දැන් කන පරිප්පුවේ හැටියට මොකද්ද මචං
රස්සාවයි පරස්තාවයි ඉවරයි මචං
මට බුදු සරණයි මචං
නිරෝෂනී පීරිස් 2012.12.16
නිරුවතමුදලට පමණක් නොව
ප්‍රේමය වෙනුවෙන්ද විකිනෙයි
වෙනස ඇත්තේ
මුදලට ඇති අගය
ප්‍රේමයට නැති නිසාය
නිරෝෂනී පීරිස් 2012.12.13
ඉගිලෙනා සිත ඈත යනවා
ලතවෙනා සිත දරා ගන්නට
එලිය දෙන සඳ නොමැති බව දැන
කනා මැදිරි එළි නෙත් රවටනවා
විසල් අහස යට මා කුහුබුවෙකුය
අවිගත් සේනා ලුහුබැද එනවා
කිරිගරුඩින් තැනු මගේම ප්‍රේමය
සේනාවන් වෙත පාර කියනවා
ඉතිරිව කිසිවක් නැති බව දැන දැන
අපේ මතකයේ සිනහ යදිනවා
නුඹ සිටියානම් මා නෙතු අද්දර
ලොවම දිනන්නට සටන් වදිනවා
නිරෝෂනී පීරිස් 2012.12.13
ඉතිං මා නැගිටිමි
කස්තුරි මුවෙකු යැයි
ගජමුතු හස්තියෙකු යැයි
කල්ප රුක්ෂය යැයි
කල්පයක් මිරිගුවම දැක
ඇසෙන උදුරා
සිතින් අතු ගා
ඉතිං මා නැගිටිමි
පැසුණු බුද්දිය
පෙම් ඉගිය මග හැර
ඉතිං මා නැගිටිමි
මගෙ ලොවම අළුකර
මන්ද වූ බුද්දියෙන් සිනාසෙන
නුබලාට මා දිව්රමි
දැවී අළු වී ඉපදෙන
ෆීනික්ස් පක්ෂියෙකු මෙන්
නැවත මා නැගිටිමි
නිරෝෂනී පීරිස් 2012.12.12
අමා පිරි හැගුම් මතින්
වෙලී මත් බිගුන් ලෙසින්
සරා සළෙල සිතිවිලි පිපිදු
මිරිගු ආදරේ ......
ප්‍රේමයැයි කියා රැවටී
හදවතින් හැගුම් බිලිදී
සෙල්රුවක් ලෙසින් නොසැලී
ජීවිතය යලිත් කොහේ නැවතී
සිනහවන් පතා පැමිණි
කදුළු ගෙන යලිත් නැවතී
යනෙන මන් කොහේ නොදනී
දෛවයෙන් ලැගුම් සොයමි
නිරෝෂනී පීරිස් 2012.12.04
ප්‍රේමයේ මායාවේ
නුඹයි මා දුටු සිහින හිමි හංසයා
අරුණ තෙපලන මොහොතේ
පිනි දියෙන් සැදු සිහින හිමි හංසයා
ගීතයක තනු හැඩවෙයි
ඒ නුඹම යැයි,නුඹේ හඩයැයි මට ඇසෙයි
පද වැලක කවි ලියවෙයි
ඒ නුඹෙන් විදි රසය යැයි මට හැගවෙයි
නෙත් පියා විදි සුවය යලි යලී ලං වෙයි
සිත් පුරා නුඹ තැවරිලා සිත මත් වෙයි
පෙම්වත් කතාවක් අසන්නට නෙත් ඇහැරෙයි
අරුණ සමගින් බොදව ගිය නුඹ සිහිනයක් බව සිහිවෙයි
නිරෝෂනී පීරිස් 2012.12.03
සිමින්
නමුත්
හරි හදිස්සියෙන්
මතකද
ආදරෙයි කියන්නට
මා ඉක්මන් උණු හැට්යි
සිමින්
නමුත්
හරි හදිස්සියෙන්
මතකද
මම නුඹෙම වෙන්න ආ හැටි
සිමින්
නමුත්
හරි හදිස්සියෙන්
මතකද
නුඹ මගෙ අතීතේ සෙව් හැටි
සිමින්
නමුත්
හරි හදිස්සියෙන්
මතකද
නුඹට මා කෙනෙක් නො වූ හැටි
සිමින්
නමුත්
හරිම ඉක්මනින්
සිමින්
නිරෝෂනී පීරිස් 2012.12.01