මම බලා උන්නා
ඇය කිරි සිනහ සැලුවා
මම බලා උන්නා
ඇය මලක්සේ පිපුණා
මම බලා උන්නා
ඇය මවක් වූවා
මම බලා උන්නා
ඇය මුලා වූවා
මම බලා උන්නා
ඇය තනිමගක උන්නා
මම බලා උන්නා
ඇය කදුළු සැලුවා
මම බලා උන්නා
ඇය බොහොදුරක වූවා
මම බලා උන්නා
ඇය මංමුලා වූවා
මම බලා උන්නා
ඇය යලිත් ආවා
මම බලා උන්නා
ඇය දරා උන්නා
මම බලා උන්නා
ඇය බලා උන්නා
මම
ඇය
අපි
අපි ඔහේඋන්නා
මම බලා උන්නා
ඇය …………………………
නිරෝ 2012.10.01
No comments:
Post a Comment