09 October, 2012

නුඹ එනතුරු (කවි)

පින්න මල් පිපුණු දවසක
හීන මල් ගොඩක් අරගෙන
ඕලු මල් මිටක් දෙන්නට
කවදද සඳ එන්නේ

පිච්ච මල් කපුරු සුවදට
ඉද්ද මල් යහනෙ වැතිරී
රෝස මල් සුවය විදිනට
මග බලාන ඉන්නේ

නාමලක් ගසා වරලස
තුබ මලින් මසා ඔසරිය
කල්ප මල් දමක් ගොතනට
නුඹ එනතුරු ඉන්නේ

නිරෝ 2012.10.9

1 comment:

  1. Nice Poem Niroshani..... visit us http://helljumperzz.blogspot.com/

    ReplyDelete