09 October, 2012

නුඹ එනතුරු (කවි)

පින්න මල් පිපුණු දවසක
හීන මල් ගොඩක් අරගෙන
ඕලු මල් මිටක් දෙන්නට
කවදද සඳ එන්නේ

පිච්ච මල් කපුරු සුවදට
ඉද්ද මල් යහනෙ වැතිරී
රෝස මල් සුවය විදිනට
මග බලාන ඉන්නේ

නාමලක් ගසා වරලස
තුබ මලින් මසා ඔසරිය
කල්ප මල් දමක් ගොතනට
නුඹ එනතුරු ඉන්නේ

නිරෝ 2012.10.9

05 October, 2012

විපත (කවි)



ආරාධනාවක්
නැතුව ඇවිත්
කොයිතරම්
සුභ පතනවද
මගේ
මළගමට

නිරෝ 2012.10.05

03 October, 2012

නුඹ ළග නෑ (කවි)

තරු බොදවී ඇයි මේඅද
සඳ නොපෙනෙයි ඇයි මේඅද
ලොව නිහඩයි ඇයි මේඅද
නුඹ ළග නෑ ඇයි එඅද

නුඹ සඳ මෙනි තරු පිරි මැද
මා දුහුවිලි මෙනි පෑගෙන
අපි ඒ මග දැන නොම දැන
ආ දුර දුර වැඩ්යි සබද

මා නොමදුටු හුදකලාව
අද මිතුරෙකි ළග ගැවසෙන
අතොරක් නැති වේදනාව
හද කම්පන වී ගෙනාව

මේ මිහිමත තුල පස්වන
මා නොපෙනී යන දිනයක
නුඹ ඇවිදින් හදිස්සියෙන්
හෝ මා දැක යලි යනු මැන

නිරෝ 2012.10.03

01 October, 2012

සඳ සාක්කි (කවි)

මම බලා උන්නා
ඇය කිරි සිනහ සැලුවා
මම බලා උන්නා
ඇය මලක්සේ පිපුණා
මම බලා උන්නා
ඇය මවක් වූවා
මම බලා උන්නා
ඇය මුලා වූවා
මම බලා උන්නා
ඇය තනිමගක උන්නා
මම බලා උන්නා
ඇය කදුළු සැලුවා
මම බලා උන්නා
ඇය බොහොදුරක වූවා
මම බලා උන්නා
ඇය මංමුලා වූවා
මම බලා උන්නා
ඇය යලිත් ආවා
මම බලා උන්නා
ඇය දරා උන්නා
මම බලා උන්නා
ඇය බලා උන්නා
මම
ඇය
අපි
අපි ඔහේඋන්නා
මම බලා උන්නා
ඇය …………………………

නිරෝ 2012.10.01