28 November, 2012

මහළු හැගුම් (කවි)

ගං දෑල තරුණයි නම්
මහසයුර තරුණයි නම්
සඳ තවම තරුණයි නම්
කිම මගෙ මෙසේ ප්‍රේමය කෙසේ
මහළුව ගියේ //

රත් පැහැ දෙතොල්
පැහැබර නුවන්
හැඩකාර පෙනුමන්
කවදා කෙසේ දො කෙලෙස දෝ
නැවතුනේ

ප්‍රේමය අනන්තයි
දෑතට නොඇල්ලෙයි
නුබෙ හද නුරා ලොල්
ප්‍රේමය නොවෙයි ඒ හැගුම් මයි
මහළුව ගියේ //

නිරෝෂනී පීරිස් 2012.11.28

26 November, 2012

නොදකිනා හැටි (කවි)

මා හදවත ලියවෙනා
දහසක් පෙම් කවි
දහසක් දෙන බලා සිට්යි
නුඹ නොදකින හැට්යි

දෙනෙතින් බොර පැහැ කදුලැලි
මා සලනා හැට්යි
බොහෝ දෙනා දැක හිනැහෙයි
නුඹ නොදකින හැට්යි

වාරු නොමැති මා ජිවය
විසිරී යන හැට්යි
දැක දැක නුඹ අහක බලයි
අදහන්නට බැරි

නිරෝෂනී පීරිස් 2012.11.26

02 November, 2012

නුඹ හමු වනතුරු(කවි)

නුඹ හමු වනතුරු
ප්‍රේමය මෙය යැයි
රාගය මෙය යැයි
ජිවය මෙය යැයි
සෙනෙහස මෙය යැයි
සිනහව මෙය යැයි
මා දැන නොසිටිමි
නුඹ යලි යන තුරු
මා පමණක යැයි
කාලය මෙය යැයි
තනිකම මෙය යැයි
කදුල උරුම යැයි
නුඹ ඇගේම යැයි
මා දැන නොසිටිමි

නිරෝෂනී පීරිස් 2012.11.2