සඳ තරු මල් ඇහිඳ ඇහිඳ
දේදුන්නේ හැඩ බල බල
පුංචි පුංචි හීන අරන්
මගේ පුතා ලොකු වෙන්නයි
ඔබේ දිලිසෙන දිගු නෙත් යුග
පුංචි පතුල් පා පොඩි දෙක
අද වගේම ඒ දවසෙත්
හොඳ දේවල් දිනන්නටයි
හොඳ මිනිසෙකු විලසින් නුඹ
ලොවක් දිනා හෙට එන කළ
නුඹේ මුවින් ඒ දවසෙත්
අම්මේ කියා අසන්නටයි
නිරෝෂනි පීරිස් 2012.01.16
No comments:
Post a Comment