02 August, 2012

මගේ සඳ (කවි)

සුපුන් සඳ ඇවිත් අද යලි
එබී මගෙ පැලට ලංවී
සොයයි මගේ සඳ සිටී දැයි
එදා මෙන් වේලි මගෙ ළග

සඳේ ඇයි ඉතිං සරදම්
යහන මගෙ මෙසේ තනිනම්
නුඹට කාරි කීම තනි මං
සිටීනම් මඟ බලා හැම කල්

නුඹ තරම් දුරින් සිටියත්
ඔහු එතැයි හනික දැන් දැන්
නුඹේ ඔය සිනහ අරගන්
මගේ සඳ දකී නැති නම්

නිරෝෂනි පීරිස් 2012.08.02