ඔහේ පාවෙන සිතුවිලි මැද
මිලානව යන හිරු දැක
මගේ සිත කල්පනාවක
දිනක් නවතියි පෙර ලෙස
නුඹ හිඳියි මා නෙතු මත
තවත් මොහොතින් සමුගෙන
කෙලෙස යන්නද නුඹ හැර
හමා එන මද නළ ලෙස
තරඟ වදිනා රළ ලෙස
හදෙහි සිතුවිලි එක පිට
දුක ගෙනෙයි මා වට කොට
දමා යන්නට මොහොතක
නුඹේ දසුනින් මේ ලෙස
නොහැකි වන්නට කිසි දින
නවා තැන නුඹ වනු මැන